අප ගැන

ඉංගිරිය නගරයේ හදගැස්ම වන ඉංගිරිය නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු

ඉංගිරිය වෙබ් අඩවිය නිර්මාණය වූයේ ඉංගිරිය ප්‍රදේශයේ තොරතුරු මුළු ලෝකයටම පෙන්වීමටය. මෙහි මූලික පරමාර්ථය ඉංගිරිය ප්‍රදේශයේ සහ ඉන් පිට වෙසෙන ජනතාව එක වහලක් යටතට ගෙන ඒමයි. මෙහි ඇති විවිධ අනු කාණ්ඩ හේතුවෙන් ඕනෑම අයෙකුට ඉංගිරිය නගරය හා ඒ අවට ප්‍රදේශය ගැන පුළුල් අවබෝධයක් ලබාගත හැක. මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ලාබ නොලබන සේවාවකි. ඉංගිරිය නගරය ප්‍රසිද්ධ කිරීම අරමුණ පමණක් ඇතිව මෙහි නිර්මාතෘ මෙම වෙබ් අඩවිය නිර්මාණය කොට ඇත. ඉංගිරිය වෙබ් අඩවියේ ඇති සියලුම ඡායාරූප සහ වීඩියෝ දර්ශන වල අයිතිය නිර්මාතෘ සතු වේ.

අපගේ ‍සේවාවන්

ඉංගිරිය නගරය සම්බන්ධව ඕනෑම පුවතක් පළ කරගැනීමට. කිසිඳු ගාස්තුවක් නොමැතිව නොමිලේම මෙම වෙබ් අඩවියට අදාල ඔබගේ තොරතුරු මුළු ලෝකයටම පෙන්වන්න. මෙහි පිංතූර ගැලරියට ඔබටම පිංතූර එකතුකළ හැක. ඔබ එක්කරන තොරතුරු සියලුම දෙනාට මෙම වෙබ් අඩවිය තුලින් දැකගත හැක. කලින් දැනුම්දුන්හොත් ඉංගිරිය නගරයේ විශේෂ අවස්ථා සඳහා සහභාගීවී එම තොරතුරු අන්තර්ජාලයට එක්කිරීම අප විසින් කර දෙනු ලැබේ. ඔබ සතුව ඉංගිරිය ප්‍රදේශයේ දුර්ලභ ඡායාරූප ඇතිනම් ඒවා අප වෙත එවන්න. සියලුම දෙනාට එය අනගි සේවයක් වනු ඇත.

එරංග
Ingiriya.info
ඉංගිරිය වෙබ් අඩවියේ සියලුම අංග මා විසින් පවත්වාගෙන යන අතර එය මාගේ විනෝදාංශයයි. මම උපන් නගරයට ගරු කරමි.

නිර්මාතෘ

ඉංගිරිය නගරය වෙනුවෙන් අපගේ දායකත්වය

  • ඉංගිරිය ෆේස්බුක් පිටුව සහ කණ්ඩායම් පිටුව නිර්මාණය.
  • ඉංග්‍රීසි සහ සිංහල භාෂා යටතේ ඉංගිරිය විකිපීඩියා පිටුව නිර්මාණය.
  • ඉංගිරිය මාර්ග සහ ස්ථාන ගූගල් සිතියමට එකතු කිරීම.
  • ඉංගිරිය සම්බන්ධ සියලු ලිපි ලේඛණ අන්තර්ජාලයට එකතු කිරීම.
  • ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම.

විශේෂ ස්තූතිය

  • ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ඉංගිරිය පොලිස් ස්ථානය
  • ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • සියලුම මාධ්‍යවේදීන්
  • හොරණ ප්‍රාදේශීය සභාව
TOP

ඉංගිරිය යනු ශ්‍රී ලංකාවෙහි පිහිටි දියුණු වෙමින් පවතින නගරයකි. මෙම නගරය බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබේ. බස්නාහිර පළාත සහ සබරගමුව පළා‍තෙහි මායිම අසල පිහිටි ඉංගිරිය නගරය, රත්නපුර-පානදුර, ඉංගිරිය-පාදුක්ක සහ ඉංගිරිය-බුලත්සිංහල මාර්ගයන් එකට එකතු වන මංසංධියකි.

නාච්චිමලේ, පරෙයි තොට, මඩකඩ ආරණ්‍යය සේනාසනය, බෝධිනාගල ආරණ්‍යය සේනාසනය ඉංගිරිය නගරයේ ඇති ප්‍රසිද්ධ ස්ථාන වේ.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉංගිරිය පොලිස් ස්ථානය, ඉංගිරිය දිසා රෝහල, ඉංගිරිය සෞඛ්‍යය කාර්යාලය, ඉංගිරිය තැපැල් කන්තෝරුව, ඉංගිරිය බැංකු සහ ඉංගිරිය පාසැල් ඉංගිරිය නගරයේ ප්‍රධාන පරිපාලන ස්ථානයි.

ඉංගිරිය තැපැල් කාර්යාල අංකය 12440. ඉංගිරිය දුරකථන කෝඩය 03422. ඉංගිරිය හෝටල් සංචාරකයන් අතර ප්‍රසිද්ධ වේ. ඉංගිරිය සිතියම ගූගල් සිතියම් ආදාරයෙන් නැරඹිය හැක.